සේනාධීර ගුණතිලක,කැලිස්ටස් පෙරේරා සහ ඕපාත

Opatha

ප්‍රශ්ණය – උතුරේ ඉඩම් බලතල ගැන මොකද කියන්නේ ?

ඕපාත – ඒක තමයි නේ

ප්‍රශ්ණය – උතුරේ පොලිස් බලතල ගැන මොකද කියන්නේ?

ඕපාත – එ්ක තමයි නේ

ප්‍රශ්ණය – උතුරේ ජනයාට විමුක්තිය හමුවෙලා නෑ කියලා ඔබ කියනවා. ඔබලාම නේද උතුරේ විමුක්ති අරගලය සන්නද්ධව කුඩු පට්ටම් කරන්න ධනපති ආණ්ඩුවට සහය දුන්නේ ?

ඕපාත – ඒක තමයි නේ

​ප්‍රශ්ණය – පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ වමද හදමින් ඉන්නේ ?

ඕපාත – ඒඒඒ ඒ ඒ කකකක තමයි නේ

ප්‍රශ්ණය – පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජාතිවාදී නැතිලු නේ ?
ඕපාත – එ්ක තමයි නේනේ.

ප්‍රශ්ණය – සීංහල – ඒකීය රාජ්‍ය පිළිගන්නවාද ?

ඕපාත – එ්ක තමයි නේ

ප්‍රශ්ණය- දෙමළ ජනයාගේ ස්ව්‍යං තීරණය ?
ඕපාත – අහ්… ඔව් ඒක තමයි නේ..

ප්‍රශ්ණය – ඒක තමයි නේ
ඕපාත – ඔව් .. ඒක තමයි නේ.

 

CIA කුමාර් ගුණරත්නම් සමග වූ විශේෂ සාකච්ඡාවක් නුදුරේදීම බලාපොරොත්තු වන්න

සම අයිතිය ඉල්ලා යුධ ජයග්‍රහණ සමරන සීඅයිඒ කුමාර්ගේ දෙබිඩි​ෙඩා්

VIEWS

තමන් ජවිපෙන් වෙන්වූයේ ජාතික ගැටලුව සම්බන්ධයෙන් වූ මතවාදී ප්‍රශ්ණයක් නිසා යැයි ඔවුහු කීහ. ජනතා විමුක්ති පෙරමුණ ජාතිවාද​ය නම් මඩ ගොහොරුවේ ගිලීඇතැයි ද ඔවුහු කීහ. දෙමළා වෙනුවෙන් අරගල කරන සිංහලයෙක්… සිංහලයා වෙනුවෙන් අරගල කරන දෙමළෙක්. දෙමළා වෙනුවෙන් සටන් කරන මුසල්මානුවෙක්. මුසල්මානුවා වෙනුවෙන් සටන් කර දෙමලෙක් සිංහලයෙක් ගැනද ඔවුහු කීහ. මරාදැමූ නිමලරූබන්ගේ මිනීවලට පස්දමමින් , ඩෙල්රුක්ෂාන්ගේ මලගෙදර යමින් මාධ්‍ය සන්දර්ශණද පැවැත්වූහ. ස්ව්‍යං විවේචනයක් ද ලියූහ.(ස්ව්‍යං විවෙචනය අැරෙන්නට එහි සෑම දෙයක්ම තිබේ.) අනතුරුව සම අයිතියක් ගැනද කථාකලහ. ඔවුහු නම් පෙරටුගාමී සමාජවාදීන් වූහ. (අනුන්ගේ නම්ද හොරකම් කළහ) ඊලාම් සහ එල්ලාම් කියා  කැලිස්ටස් පෙරේරා  හෙවත් ඕපාත එසේත් නැතිනම් සේනාධීර ගුණතිලක  විසින් ලිපිද ලියූහ.

නමුත් අවසානයේ නටපු නැටුමකුත් නැත. බෙරේ පලු දෙකම නැන. ​ප්‍රංශයේදී එකක්ද , කොළඹදී එකක්ද, සූරිච් වලදී තව එකක් ද කියූහ. කොලොන්නාව කුනු කන්දට එරෙහිව ජනතා ව්‍යාපාරයක් සෑදීමට උනන්දුවූ වූ මේ දෙඹිඩි ඊනියා සමාජවාදීන් හෙවත් කුමාර් ගොට්ටන් තමන් විසින් මරාදැමූ දහස් ගණනක් ​සම්බන්ධව  වචනයක් නොදොඩා සම අයිතියක් ගැන කථාකරති. සම අයිතිය කතකරන  ගමන්ම දෙමළ ජනයා දහස් ගණනක් ඝාතනය කිරීමේ මිනීමරු සිංහල රාජ්‍යයයේ යුධ සමරුවද සමරති.

පුදුමයට වෙන්නට දෙයක් නැත. ජනරළ කතෘ සිරිමල්වත්ත මිනීමරු හමුදා ඝාතකයන්ට සහෝදරවරු කියා ලිව්වේද පෙරටුගාමී ද වූ පසුවය. මිනිමරු සිංහල ආණ්ඩුවේ ඊනියා යුධ ජයග්‍රහණය නිසා ඇතිවන රථවාහන තදබදය ගැන දැනුවත් කිරීමේ මිනීමරු රාජපක්ෂ ආණ්ඩුවේ නිළ වෙබ් අඩවිය බවට පත්වී තිබෙන්නේ සීඅයිඒ කුමාර්ගේ lankaViews අඩවියයි. (මේ සිංහල- රාජපක්ෂවාදී lankaviews අඩවිය මෙහෙයවන්නේ සීඅයිඒ කුමාර්ගේ බඩියා වූ ලසිත් හෙවත් පුබුදු ජාගොඩ විසිනි.)

සීඅයිඒ කුමාර්ගේ පක්ෂයට අනුව කොළඹ පැවැත්වෙන්වෙන්නේ යුධ ජයග්‍රහණ සමරුවකි.(දෙමළ ජනයා ඝාතනය කිරීමට රාජපක්ෂ ආණ්ඩුවේ ඩීසල් ගැසූවේ සීඅයිඒ කුමාර් ප්‍රමුඛ මේ දෙඹිඩ්ඩන්ය).

බොරැනම් මේ නිවුස් එක බලන්න – යුද ජයග්‍රහණය අද සමරයි

(කුමාර් ගුණරත්නම් සීඅයිඒ නියෝජිතයෙකු බව දින කීපයකට පෙර අප ඊ-මේලයට ලැබුණු ජොයින්ට් එක නම් පුවත් හසුනක සදහන්ව තිබුණි )

මාලනී ‘සත්‍ය දකින්නට’ යද්දී Akon ‘සොරි’ කිව්වේය

Akon_malani

දෙමළ වර්ග සංහාරය විරුද්ධව තමිල්නාඩුවේ ඇති වී තිබෙන
වි​රෝධතාවයන්ට කවුටර් ඈටෑක් කිරීමට විශේෂයෙන් කොලිවුඩ් ශිල්පීන්ට ​ගේමක් දෙන්නට සිතාගෙන පසුගියා දා ලංකාවේද කලාකරුවන් යැයි කියනා පිරිසක් සත්‍ය ග්‍රහයක් කලේය. (තදින් සිනා)

මාර වැඩේ කියන්නේ මේ සියල්ලෝම ඇදෙගෙන පැමිණි ඇදුමේ පාට සුදුය. ඇත්තට සුදෝ සුදය. කලු සේවීම එදා කලුනික සෙවීමටත් වඩා අපහසුය.
මේ සියල්ලන්ගේම එක මහා පොදු සාධකයක් ඇත. එනම් මේ සියලු රංගන ශිල්පීන්, ක්‍රීඩකයන් ඇතුලු සියල්ල මේ වෙද්දී නිශ්පාදනය කර අධ්‍යක්ෂණය කරනු ලැබන්නේ මහින්ද රාජපක්ෂ විසින් වීමයි.

එම නිසා ලොක්කා හින්දා අපිත් ඉන්නවා… අපි හින්දා ලොක්ක ඉන්නවා යන තියරිය සියල්ලන්ටම පොදුය. මේ කලාකාරයන් ගැන ලියන්න ගියොත් පිටු ගානක් ලිවිය හැකිය. එය ලියන අපේද කියවන ඔබගේද කාලය කාදැමීමක් නිසාවෙනි.

කාලාකරුවන්ට මේන්ම සාමාන්‍ය ජනායාට සත්‍ය දකින්නට කොන්දක් තිබිය යුතුය.

එහෙයින් ,

සුදු ඇදගෙන පැමිණි මාලනී සත්‍ය දකින්න යද්දී කලු Akon සොරි කියන මේ වීඩියෝව බලන්නට අපි යෝජනා කරන්නෙමු.

“Sorry, Blame It On Me”

As life goes on I’m starting to learn more and more about responsibility
I realize everything I do is affecting the people around me
So I want to take this time out to apologize for things I have done
And things that have not occurred yet
And the things they don’t want to take responsibility for

I’m sorry for the times I left you home
I was on the road and you were alone
I’m sorry for the times that I had to go
I’m sorry for the fact that I did not know
That you were sitting home just wishing we
Could go back to when it was just you and me
I’m sorry for the times I would neglect
I’m sorry for the times I disrespect

I’m sorry for the wrong things that I’ve done
I’m sorry I’m not always there for my son
I’m sorry for the fact that I’m not aware
That you can’t sleep at night when I am not there
Because I am in the streets like everyday
Sorry for the things that I did not say
Like how you are the best thing in my world
And how I’m so proud to call you my girl

[Bridge]
I understand that there are some problems
And I am not too blind to know
All the pain you kept inside you
Even though you might not show
If I can apologize for being wrong
Then it’s just a shame on me
I’ll be the reason for your pain and you can put the blame on me

[Chorus]
You can put the blame on me [4x]
Said you can put the blame on me [3x]
You can put the blame on me

Sorry for the things that he put you through
And all the times you didn’t know what to do
Sorry that you had to go and sell those packs
Just trying to stay busy till you heard from Dad
And you would rather be home with all your kids
As one big family with love and bliss
And even though Pops treated us like kings

He got a second wife and you didn’t agree
He got up and left you there all alone
I’m sorry that you had to do it on your own
I’m sorry that I went and added to your grief
I’m sorry that your son was once a thief
I’m sorry that I grew up way too fast
I wish I would’ve listened and not be so bad
I’m sorry your life turned out this way
I’m sorry that the FEDS came and took me away

[Bridge]

[Chorus]

I’m sorry that it took so long to see
They were dead wrong trying to put it on me
I’m sorry that it took so long to speak
But I was on tour with Gwen Stefani
I’m sorry for the hand that she was dealt
For the embarrassment that she felt
Just a little young girl trying to have fun
Her daddy should never let her out that young
I’m sorry for Club Zen getting shut down
I hope they manage better next time around
How was I to know she was underage
In a 21 and older club they say
Why doesn’t anybody wanna take blame
Verizon backed out disgracing my name
I’m just a singer trying to entertain
Because I love my fans I’ll take that blame
Even though the blame’s on you [3x]
I’ll take that blame from you

And you can put that blame on me [2x]
You can put that blame on me
And you can put that blame on me

පෙනරළ සහ ජසප

ජනරළ පත්තර මහත්තුරුන්ගේ සදාචාරය !

” ගම්ලතුන්ගේ අවමගුලට අප විසින් සකස් කරන ලද මේ පත්‍රිකාව 2013.04.06 ජනරළෙහි පලකොට තිබුණේ ඊට බුද්ධිමය ශ්‍රමය කැප කළ අපගේ නම් සහ එහි තිබූ ‍ට්‍රොට්ස්කිගේ උධෘත පවා සාහසික ලෙස ඉවත් කොට විකෘත කරමිනි. ”  – විජය නන්ද පෙරේරා

මීට පෙරද ජනරළ පුවත් පතේ පළවූ රෙජී මෙන්ඩිස් සහෝදරයා සැමරීම සම්බන්ධ දැන්වීම් පත්‍රිකාවක් ඔවුන්ගේ මෙන් පළකිරීම සම්බන්ධව  Loopholes හි පලවී තිබුණි. දේශපාලන පක්ෂයක් විසින් පළකරන ලබන පුවත් පතක් වන ජනරළ පුවත් පතේ ඉහතින් වන දෙවන බුද්ධිමය කොල්ලයෙන් නැවත වරක් ඔවුන් ඔප්පු කර පෙන්වන්නේ ඔවුන්ගේ දේශපාලන භාවිතාවය.

​අමතක වන්නේ නම් දැමීමට පමණක්ද ?

පුබුදු ජාගොඩට සහ පෙරටුගාමී පක්ෂයේ පළමු මහා සමුලුවට සහභාගී වූ එම පක්ෂයේ සියලු සාමාජිකයන්ට අමතන වී තිබෙන ජාතික ගැටලුව ගැන පක්ෂයේ අදහස් ඉදිරිපත් කිරීම නැවත මෙසේ එම දේශපාලන  බබාලාට මතක් කර දෙමි.

1 – 2011 වර්ෂයේ නොවැම්බර් 19 වැනිදා  කොළඹ මූලික කරගනිම් කලාකටයුතු වල යෙදෙන තරුණ කණ්ඩායමක් එන්. එම් පෙරේරා මධ්‍යස්ථානයට කැදවීය. එහිදී පුබුදු ජාගොඩ තම නව ලිබර්වාදී ආර්ථික දර්ශණ ඉදිරිපත් කිරීමට යෑමේදී එම තරුණ පිරිස් කීවේ ජනතා විමුක්ති පෙරමුණෙන් ජාතික ගැටලුව මුල්කර ගනිමින් ඉවත් වූ යැයි කියන එවකදී ජන අරගල ව්‍යාපාරය ජාතික ගැටලුව සම්බන්ධයෙන් දරන ස්ථාවරත්වය කුමක්ද යන්නයි. පුබුදු ජාගොඩ විසින් එහිදී ලබා දුන් උත්තරය වන්නේ ඉතා ඉක්මනින් මතය ප්‍රකාශ කරන බවත්, මේ සාකච්ඡාවක් නැවත ගමු කියාය.

නැවත එම සාතච්ඡාව ගන්නවා තබා නැවත එම තරුණ පිරිස හමුදී නැත.

2 – පලමු මහා සම්මේලනයේ ගනු ලැබූ තීන්දුවක් වූයේ මාස 6ක් ඇතුලත පෙසප ජාතික ගැටලුව ගැන මතය ප්‍රකාශ කරනා බවයි.  මාස හය සම්පූර්ණ වූයේ පසුගිය වසරේ ඔක්තෝම්බර් 9 වැනිදාය.  අද අප්‍රේල් 6 වැනිදාය. ඒවාද අමතක වී ඇත. (එහිදී එම මාස 6 න් යන යෝජනාවට එක් සහෝදරයෙකු විරුද්ධ වූ අතර එම ඔහුගේ මතය වූයේ එම අවස්ථවේ ප්‍රකාශ කළ යුතු බවයි. එම නිසා ජාතික ගැටලුව සම්බන්ධව පක්ෂයේ මතය කීමට සදාචාරාත්මක වගකීමක්ද පෙසපට ඇත.)

( අපගේ මිත්‍රයෙක්නම් කියන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය දැනටම සිය මතය ප්‍රකාශ කර ඇති බවයි. වරුණ දීප්ත රාජපක්ෂ විසින් ප්‍රංශයේදී සිදුකළ කථාවද මේ දිනවල කුමාර් ගුණරත්ම්ගේ සම අයිතිය වන්දනාාව පුරාද සිය පක්ෂය දෙමළ ජනයාට බලය බෙදීමකට හෝ ස්ව්‍යංතීරණ අයිතියට එකග නොමැති බවයි )

ලෙනින් සහෝදරයා සිය පෙරදිග ලෝකයේ විමුක්ති ව්‍යාපාර නම් කෘතිය මගින් නම් කීවේ ජාතියක ස්ව්‍යංතීරණය නොපිළිගෙන සමඅයිතිය ඉල්ලීම වැඩක් නොමැති බවයි. එසේම එම කෘතියේම ස්වාධිපත්‍ය ගැන සදහන් වූයේ ජාතික කෙතරම් කුඩාවුවත්,සංවර්ධනයෙන් නොදියුණු වුවත්,එය යටපත් කරගෙන සිටන ශක්තිමත් ජාතියෙන් ඉවත් වීමේ අයිතිය සැම අයිතිය දියයුතු බවයි

​මෙතැනට අප කාලයකට පෙර ලියූ ගීයක්ද අමුණා තබමු.

පෙරටුගාමී සමාජාවාදී පක්ෂයටත් ‘ දුමින්ද සිනිඩ්‍රෝම්’ ද ?
———————————————————–

ජාතික ප්‍රශ්නෙට පිළිතුරු අපි දෙනවද බං
මාස හයෙන් දෙනවා කියලා අපි කිව්වාලු කියනවාලු මුං
දෙමලුන්හට මොනව වුනත් අපිට මොකද බං
අනේ අප්පෝ කවුද කිවුවේ හය මාසෙන් දෙනවා කියලා බං

කුමාර් අයියා දෙමළ වුනට අපිට මොකද බං
එයත් ඉන්නේ ඔය අගේට දෙමළ නොවේ වගේ බං
ලසිත් මල්ලි ඔය ඉන්නේ යස අගේට බං
දෙමළ වීම ප්‍රශ්ණයක්ද  මං අහන්නේ බං

ජේවීපෙන් අයින් වුනේ අපි විතරද බං
අයිං වෙච්ච අය ඉන්නේ යස අගේට දැං
සිංහල අය තරහවුනොත් හරිම වැඩේ බං
දෙමළ වීම ප්‍රශ්ණයක් බව කිව්වා මතක නෑනේ බං

එන් එම් සෙන්ටර් එකටත් කැදෙව්වානේ බං
සතියෙන් කියනව කියලා මං කිව්වලු කියනවානේ මුං
එහෙම කවුද කිව්වා එකා කොයි එකාද දැං
අනේ අප්පා මතක නෑ ඒ කිසිවක් දැන්

ස්ව්‍යං තීරණේ මොකද්ද ඒ මොකද්ද බං
අපිනම් දන්නෑ ඕවා කිව්වෙත් නෑ බං
කවුද කිව්වේ පිළිගන්නවා කියලා කියලා බං
අනේ දෙයියෝ කිසිම දෙයක් මතක නෑ නේ බං

Loopholes ලිපිය මෙතැනින් කියවන්න

ඡායා රූපය ගත්තේ ජනරළ මුහුණු පොතෙන්

රොමැන්තික සැමරුම්වලට වඩා නැවත කියවීම දේශපාලනිකය… 71

71

ශ්‍රී ලංකාවේ පශ්චාත් යටත් විජිත සමය ඇරඹෙන්නේ මෙරට හැරයන බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ඉහළ මධ්‍යම පාන්තිතක කල්ලියක් වෙත රටේ බලය පවරමිනි. එම කල්ලිය අතර සහ බ්‍රිතාන්‍ය පාලකයන් අතර කිසිදු වෙනසක් නොවූ අතර වෙනස් වූයේ ලියකිවිලි පමණකි.

ධනපති පන්තියක් අතින් තවත් ධනපති පන්තියක් වෙත මාරුවූ ශ්‍රී ලංකාවේ පාලක යෂ්ටිය තමන් සතු කරගැනීමට ​​ධෛර්්‍යසම්පන්න තරුණ  පරපුරක් දැරූ උත්සය හෙවත් 71 කේ තරුණ නැගිටීම සිදුවී වසර 42 ක් තම් කාලයක් ගත වී ඇත.

සතියක් පමණ කටපාඩම් කිරීමට ජාතික වීර නාමාවලියක් තිබුණද ලංකාවේ සැබෑ ​ධෛර්ය සම්පන්න ගැහැණුන් සහ මිනිසුන් සැබෑ වීරයන් බිහිවූ දිනය ලෙස ලෙස ඉතිහාසය ගත වන්නේ 1971 අප්‍රේල් 05 වැනිදාය. එම තරුණ නැගිටීම  නායකත්වය දෙන ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය එදා සිටම සිංහල-සමාජවාදයක් වැනි විකෘතියකින් අනූන වූද එය නැවත වටයකින් සාකච්ඡා කිරීමේ දැඩි අවශ්‍යතාවයක් පවතිද්දී පවා එම ​​​​​ධෛර්යවන්ක මිනිසුන් සහ ගැහැණුන්  තමන්ගේ ජීවිත අවසාන විය හැකි යැයි දැනිමින් ඒ වෙනුවෙන්  දේශපාලයක් විශ්වාස කරමින් නැගී සිටීම විප්ලවීය ය. 71 ලාංකීය දේශපාලයේ පළමු විප්ලවීය නිමේෂය විය.

එම තරුණ නැගිටීමේ ඉල්ලීම් සුලු ධනේෂ්වර ඉල්ලීම් වූවද එහ වූ විප්ලවීය ජීව ගුණය එතැනින් පසු එළබෙන සියලු නිමේෂයක් වෙතම විප්ලවීය හුස්මක් පිඹීම තුළ එම අරගලය අතැර ලංකීය දේශපාලන කියවීම කුහක කමකි.

මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ සහ එයින් වෙන්වූ කණ්ඩායම් සියල්ලටම එය රොමෑන්තික අදහස් පමණක් වූවද එම අරගලය නැවත කියවීමේ අවශ්‍යතාව අන්කවරදාටත් වඩා අද දීනයේදී වටින්නේය.

අද දිනයේදී අපට මුහුණ දීමට ඇති ප්‍රධාන ගැටලුවම සමාජය දේශපාලනයක් තියා ආගමක්වත් විශ්වාස නොකිරීමයි. 71 නැගිටීම යනු ලංකා සමාජයේ සමූහ විශ්වාසනීය මොහොතකි. එය ධනපති සිරිමා ආණ්ඩුව විසින්  දහස් ගණනක් තරුණයන් මරාදමා එම නැගිටීම තලා පෙලා දැමූවද එය තවත් අනාගත පරම්පාරවන් ගණනාවකට විප්ලවීය ජවයක් ලබාදුන්නේය.

කැරුල්ල ජනතා විමුක්ති පෙරමුණට හෝ රෝහණ විජේවීර වැනි පුද්ගල සාධකයන් වෙත යෙමුකරනවා වෙනුවට අද දවසේ අවශ්‍යතාවය වන්නේ එම තරුණ නැගිටීම සම්බන්ධයෙන් පුලුල් වූ සාකඡ්චාවක් ආරම්භ කිරීමයි.

රොමැන්තික 71 විරු සමරුවකට වඩා 71 සහ එදවස තරුණ නැගිටීමක් දක්වා ගොජදැමුණු  දේශපාලන සන්ධර්භය නැවත කියවීම අතිශය දේශපාලනකි වනවා පමණක් නොම අද දවසේ අප සැවෙම් ඉදිරියේම ඇති අභියෝග ජයගැනීමට අභ්‍යසයක් වනවා නිසැකය.

සියලු දේශපාලන අවකාශයන් ජරාජීර්ණ වී ජාතිවාදී මඩගොහොරුවේ නාසය දක්වාම එරී ඇති මොහොතක එවැනි සමූහ තුළ ගොඩනැගෙන සාමූහක විශ්වාසයන් මතින් විමුක්තිකාමී නිමේෂය ගොඩ නොනැගෙන්නේනම්  අප සියලලෝටම නියමිතව ඇත්තේ සියල්ලන්ටම ජනතා විමුක්ති පෙරමුණ විසින්ම ගොඩනැගූ සහ උත්කර්ෂයට නැගංවූ  ජාතිවාදී මඩගොහොරුවේ ගිලී මිය යැමටය. එහෙයින්ම 71 සම්බන්ධව රොමෑන්තික සැමරුමකට වඩා එය දේශපාලනිකව නැවත කියවීම විප්ලවීය ය.

* පින්තූරය -71 තරුණ නැගීටීමේදී අත්අඩංගුයට පත්වූ සහෝදරයෙකු විසින් සිරගෙව තුලදී අදින ලද්දකි

පින්තූය ගත්තේ  විකල්ල වෙතින්

ගම්ලත්ගේ කේන්ද්‍රීය දේශපාලනය මගහැර යාම

Gamlath-2

මේ යුගය තුළ අනෙකා විශයෙහි සිය දේශපාලන භාවිතාව සිය ජීවන භාවිතාවට උකහා ගත් පුද්ගයන් වේ ඔවුන් ලංකා සමාජයේ සුලුතරයකි. එසේ වුවද ධනේෂවර බාබේරියානු දේශපාලන ව්‍යපෘතින් ඉදිරියේදී මෙන්ම මෙන්ම ඊනියා වාම වාදීන් ඉදිරියේදී එවන් මිනිසුන්ගේ හෘද සාක්ෂිමය සමාජමය මැදිහත්වීම කිසිදු ආකාරයකුන් සුලුතර වන්නේ නැත. මහාචාර්ය ගම්ලත් යනු එවැනි ආකාරයේ හෘද සාක්ෂිමය සටන් කරුවෙකි.

ඔහු සුවිශේෂී සටන්කරුවෙකු වන්නේ ඔහු සැබෑ වාමාංශික ජීවන භාවිතාවක් තුළ හිදිමින් ඒ වෙනුවෙන් සිය ජීවිතෙය් අවසාන මොහොත දක්වා සටන් කිරීමයි.

නමුත් මහාචාර්ය ගම්ලත් ගේ නික්මයාමෙන් පසු එළබෙන මොහොත එනම් පශ්චාත් ගම්ලත් කතිකාව තුළ ඔහුව සාහිත්‍යමය අවකාශක සහ කලා අවකාශය තුළ පමණක් ස්ථාත ගත කිරීමට පිරිසක් උත්සහ දරන බව පැහැදිලිවම පෙනෙන්නට තිබුණි. ඔවුන්ට අනුව ගම්ලත් ‘සර්’ විය. නමුත් ගම්ලත් ජීවත්ව සිටි යුගයේදී ඔහුට අනුව ඔහු ‘සහෝදරයෙක්’ විය. මෙහි හාස්‍ය ජනක සිදුවීම වන්නේ ගම්ලත් සහෝදරයාට සර් කියනා පිරිස් ඔහුගේ කේන්ද්‍රීය දේශපාලන මැදිහත් වී මහහැර යන අතර ඒ පිලිබද දළ අදහසක්වත් ඔවුන් සතුව නොමැති බව ඔවුන්ෙග් ප්‍රකාශයන්ගෙන් පැහැදිළි විනි. අද (4) දිවයින වටමඩල සම්පූර්ණයෙන්ම ගම්ලත් වෙනුවෙන් වෙන්වී තිබුණද සියලු විචාරකයන් සාහිත්‍ය විෂහෙයි තබා විග්‍රහ කරනවා විනා ගම්ලත්ගේ සටන තුළ මෙරට ඊනියා වාම වාදීන්ට එල්ලකරන ලද ප්‍රහාරයන් ගැනද සටන ගැනද කිසිදු සදහනක් නැත. කොටින්ම ගම්ලත් ගැන මේවනිවිට කියවීම ඉතා අදේශපාලනකි ආස්ථානයක් ගෙන ඇත. ලංකා සමාජය පුද්ගලයන් දේශපාලනිකව කියවනවාට වඩා අදේශපාලනිකව කියවීමට රුචියක් දක්වන බව සැවොම දන්නා රහසකි.

විශේෂයෙන්ම දේමළ ජනයා විශයෙහි ඔහුගේ මැදිහත් වීම ඉතා තියුණු වූ අතර ඒ වෙනුවෙන් ඊනියා වාමවාදීන් ඔහුගේ නිර්දය විවේචනයට හසුවිය. ලංකාවේ වාමවාදීන් තවමත් කම්කරු පන්තිය සංවිධානය කිරීමට වෙනුවට ඒකිය රාජ්‍ය රුකගැනීමේ ව්‍යාපෘතිය සිය දේශපාලන භාවිතාව බවට පෙරළා ගනිද්දී ගම්ලත් කම්කරු පන්තිය සංවිධානය කිරීමේදී දෙමළ ජනයා කෙරෙහි වූ ජාතික පීඩනය ඉවත් කිරීම කෙතරම් වැදගත් ද යන්න නිර්භයව පෙන්වා දුන්නා පමණත් නොව ඒ පිළිබද සිය මතය ඉතා නිරවුල්ව ඉදිරිපත් කරනු ලැබීය.

” සිංහල ධනපතියන් රාජ්‍යයක් පිහිටුවා ගෙන දෙමළ ජාතියට එරෙහි ව එම රාජ්‍යය නමැති දැවැන්ත ආයුධය යොදවද්දී දෙමළ ජාතියට රාජ්‍යයක් පිහිටුවා ගැනීමට අයිතියක් නැතැයි කියන්නා මර්දනකාරී සිංහල රාජ්‍යයේ ගැත්තෙකි. පක්කලියෙකි. වෙන්වී වෙනම රාජ්‍යයක් පිහිටුවා ගැනීමට දෙමළ කම්කරුවන්ට අයිතියක් නැද්ද? ඒක යි අපේ ප්‍රශ්නය. සිංහල රාජ්‍යය දෙමළ ජාතිය තළා දමයි නම් එළඹෙන විප්ලවයට හිතකර වන්නේ දෙමළ ජාතියට වෙන් වී වෙනම රාජ්‍යයක් පිහිටුවා ගැනීමට තිබෙන අයිතිය ආරක්‍ෂා කිරීමයි. ජාතික පීඩනය නිසා පන්ති අරගලය පීලි පැන ඇත. හොඳම දෙය නම් ජාතික පීඩනය ඉවත් කොට පන්ති අරගලයට මඟ පෑදීමයි” – 2011 නොවැම්බර්

මෙම දේශපාලනික මැදිහත් වී අතැර ගම්ලත් සාහිත්‍යමය අවකාශකට ගොනු කිරීමට උත්සහ කිරීම ඔහුට කරන ලොකුම අපහාසයකි. ඔහු හෘද සාක්ෂිමය පුද්ගලයෙකු බවට පරිවර්ථනය වන්නේ ඔහු දැරූ දේශපාලන ඔස්සේය. ගුණදාස අමරසේකර ලංකීය සාහිත්‍ය තුළ අතැහැර නොහැති සාහිත්‍යධරයෙකු වුවත් ඔහු හෘද සාක්ෂියක් රහිත පුද්ගලයෙකු වන්නේද මානව ප්‍රගමනය ගෝත්‍රික කරනයකළ ජාතිවාදියෙකු වන්නේ ඔහුගේ දේශපාලන ඔස්සේය.

එහෙයින් පශ්චාත ගම්ලත් කතිකාව තුළ මහාචාර්ය ගම්ලත්ගේ නැතිනම් ගම්ලත් සහෝදරයාගේ කේන්ද්‍රීය දේශපාලනය අතහැර කියවීම ඔහුට කරනා අපහාසයක් පමණක් නොව සමස්ථ සමාජයට විනකෙටීමකි.

රෑපය ගත්තේ ජේඩී​එස් එකෙන්