ගම්ලත්ගේ කේන්ද්‍රීය දේශපාලනය මගහැර යාම

Gamlath-2

මේ යුගය තුළ අනෙකා විශයෙහි සිය දේශපාලන භාවිතාව සිය ජීවන භාවිතාවට උකහා ගත් පුද්ගයන් වේ ඔවුන් ලංකා සමාජයේ සුලුතරයකි. එසේ වුවද ධනේෂවර බාබේරියානු දේශපාලන ව්‍යපෘතින් ඉදිරියේදී මෙන්ම මෙන්ම ඊනියා වාම වාදීන් ඉදිරියේදී එවන් මිනිසුන්ගේ හෘද සාක්ෂිමය සමාජමය මැදිහත්වීම කිසිදු ආකාරයකුන් සුලුතර වන්නේ නැත. මහාචාර්ය ගම්ලත් යනු එවැනි ආකාරයේ හෘද සාක්ෂිමය සටන් කරුවෙකි.

ඔහු සුවිශේෂී සටන්කරුවෙකු වන්නේ ඔහු සැබෑ වාමාංශික ජීවන භාවිතාවක් තුළ හිදිමින් ඒ වෙනුවෙන් සිය ජීවිතෙය් අවසාන මොහොත දක්වා සටන් කිරීමයි.

නමුත් මහාචාර්ය ගම්ලත් ගේ නික්මයාමෙන් පසු එළබෙන මොහොත එනම් පශ්චාත් ගම්ලත් කතිකාව තුළ ඔහුව සාහිත්‍යමය අවකාශක සහ කලා අවකාශය තුළ පමණක් ස්ථාත ගත කිරීමට පිරිසක් උත්සහ දරන බව පැහැදිලිවම පෙනෙන්නට තිබුණි. ඔවුන්ට අනුව ගම්ලත් ‘සර්’ විය. නමුත් ගම්ලත් ජීවත්ව සිටි යුගයේදී ඔහුට අනුව ඔහු ‘සහෝදරයෙක්’ විය. මෙහි හාස්‍ය ජනක සිදුවීම වන්නේ ගම්ලත් සහෝදරයාට සර් කියනා පිරිස් ඔහුගේ කේන්ද්‍රීය දේශපාලන මැදිහත් වී මහහැර යන අතර ඒ පිලිබද දළ අදහසක්වත් ඔවුන් සතුව නොමැති බව ඔවුන්ෙග් ප්‍රකාශයන්ගෙන් පැහැදිළි විනි. අද (4) දිවයින වටමඩල සම්පූර්ණයෙන්ම ගම්ලත් වෙනුවෙන් වෙන්වී තිබුණද සියලු විචාරකයන් සාහිත්‍ය විෂහෙයි තබා විග්‍රහ කරනවා විනා ගම්ලත්ගේ සටන තුළ මෙරට ඊනියා වාම වාදීන්ට එල්ලකරන ලද ප්‍රහාරයන් ගැනද සටන ගැනද කිසිදු සදහනක් නැත. කොටින්ම ගම්ලත් ගැන මේවනිවිට කියවීම ඉතා අදේශපාලනකි ආස්ථානයක් ගෙන ඇත. ලංකා සමාජය පුද්ගලයන් දේශපාලනිකව කියවනවාට වඩා අදේශපාලනිකව කියවීමට රුචියක් දක්වන බව සැවොම දන්නා රහසකි.

විශේෂයෙන්ම දේමළ ජනයා විශයෙහි ඔහුගේ මැදිහත් වීම ඉතා තියුණු වූ අතර ඒ වෙනුවෙන් ඊනියා වාමවාදීන් ඔහුගේ නිර්දය විවේචනයට හසුවිය. ලංකාවේ වාමවාදීන් තවමත් කම්කරු පන්තිය සංවිධානය කිරීමට වෙනුවට ඒකිය රාජ්‍ය රුකගැනීමේ ව්‍යාපෘතිය සිය දේශපාලන භාවිතාව බවට පෙරළා ගනිද්දී ගම්ලත් කම්කරු පන්තිය සංවිධානය කිරීමේදී දෙමළ ජනයා කෙරෙහි වූ ජාතික පීඩනය ඉවත් කිරීම කෙතරම් වැදගත් ද යන්න නිර්භයව පෙන්වා දුන්නා පමණත් නොව ඒ පිළිබද සිය මතය ඉතා නිරවුල්ව ඉදිරිපත් කරනු ලැබීය.

” සිංහල ධනපතියන් රාජ්‍යයක් පිහිටුවා ගෙන දෙමළ ජාතියට එරෙහි ව එම රාජ්‍යය නමැති දැවැන්ත ආයුධය යොදවද්දී දෙමළ ජාතියට රාජ්‍යයක් පිහිටුවා ගැනීමට අයිතියක් නැතැයි කියන්නා මර්දනකාරී සිංහල රාජ්‍යයේ ගැත්තෙකි. පක්කලියෙකි. වෙන්වී වෙනම රාජ්‍යයක් පිහිටුවා ගැනීමට දෙමළ කම්කරුවන්ට අයිතියක් නැද්ද? ඒක යි අපේ ප්‍රශ්නය. සිංහල රාජ්‍යය දෙමළ ජාතිය තළා දමයි නම් එළඹෙන විප්ලවයට හිතකර වන්නේ දෙමළ ජාතියට වෙන් වී වෙනම රාජ්‍යයක් පිහිටුවා ගැනීමට තිබෙන අයිතිය ආරක්‍ෂා කිරීමයි. ජාතික පීඩනය නිසා පන්ති අරගලය පීලි පැන ඇත. හොඳම දෙය නම් ජාතික පීඩනය ඉවත් කොට පන්ති අරගලයට මඟ පෑදීමයි” – 2011 නොවැම්බර්

මෙම දේශපාලනික මැදිහත් වී අතැර ගම්ලත් සාහිත්‍යමය අවකාශකට ගොනු කිරීමට උත්සහ කිරීම ඔහුට කරන ලොකුම අපහාසයකි. ඔහු හෘද සාක්ෂිමය පුද්ගලයෙකු බවට පරිවර්ථනය වන්නේ ඔහු දැරූ දේශපාලන ඔස්සේය. ගුණදාස අමරසේකර ලංකීය සාහිත්‍ය තුළ අතැහැර නොහැති සාහිත්‍යධරයෙකු වුවත් ඔහු හෘද සාක්ෂියක් රහිත පුද්ගලයෙකු වන්නේද මානව ප්‍රගමනය ගෝත්‍රික කරනයකළ ජාතිවාදියෙකු වන්නේ ඔහුගේ දේශපාලන ඔස්සේය.

එහෙයින් පශ්චාත ගම්ලත් කතිකාව තුළ මහාචාර්ය ගම්ලත්ගේ නැතිනම් ගම්ලත් සහෝදරයාගේ කේන්ද්‍රීය දේශපාලනය අතහැර කියවීම ඔහුට කරනා අපහාසයක් පමණක් නොව සමස්ථ සමාජයට විනකෙටීමකි.

රෑපය ගත්තේ ජේඩී​එස් එකෙන්

Advertisements

One comment

  1. ඔබේ නිරී්ක්‍ෂණය නිවරදියි.

    මා දකිනා ලෙසට මෙයට එක හේතුවක් නම් ඔහු මෑත කාලයේ වඩාත් ජනතාව අතරට ගියේ දේශපලාන ක්‍රියාකාරිකයෙකු ලෙස නොව සාහිත්‍ය විචාරකයෙකු සහ සිංගල පඬිවරයෙකු ලෙස වීමයි.

    ඔහු විකොස ක්‍රියාකාරිකයෙකු ලෙස අනෙකුත් වාමාංශිකයින් මතවාදීව පතුරු ගැහු ආකාරය සහ විචාරකයෙකු ලෙස අන් සාහිත්‍යකරුවන් ට දෙඤ්ඤං බැටේ විචාර දුන් හැටි අතර ඇත්තේ විශාල සමානකමක්. ඟෙය ඔහුගේ චරිත ලක්‍ෂණයක්ද නැතිනම් ඒ විචාර ක්‍රමයේ / දේශපාලනයේ හැටිද?

    ඒ සමගම ඔහු නැවත විශ්ව විද්‍යාල සේවයට ගිය දා සිට ලියූ හැම ලිපියකම පාහේ පොදුවේ විශ්ව විද්‍යාල ඇදුරන් ගේ සහ විශේෂයෙන් සිංහල ආචාර්යවරුන්ගේ ක්‍රියා කලාපය නිර්දය ලෙස විවේචනය කළා.

    ඔහුගේ දේශපාලනය මෙන්ම සාහිත්‍ය සේවාවත් මා ඉතා අගය කරනවා.

    මහාචාර්ය ගම්ලත් ට මගේ ආවාරය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s