රොමැන්තික සැමරුම්වලට වඩා නැවත කියවීම දේශපාලනිකය… 71

71

ශ්‍රී ලංකාවේ පශ්චාත් යටත් විජිත සමය ඇරඹෙන්නේ මෙරට හැරයන බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ඉහළ මධ්‍යම පාන්තිතක කල්ලියක් වෙත රටේ බලය පවරමිනි. එම කල්ලිය අතර සහ බ්‍රිතාන්‍ය පාලකයන් අතර කිසිදු වෙනසක් නොවූ අතර වෙනස් වූයේ ලියකිවිලි පමණකි.

ධනපති පන්තියක් අතින් තවත් ධනපති පන්තියක් වෙත මාරුවූ ශ්‍රී ලංකාවේ පාලක යෂ්ටිය තමන් සතු කරගැනීමට ​​ධෛර්්‍යසම්පන්න තරුණ  පරපුරක් දැරූ උත්සය හෙවත් 71 කේ තරුණ නැගිටීම සිදුවී වසර 42 ක් තම් කාලයක් ගත වී ඇත.

සතියක් පමණ කටපාඩම් කිරීමට ජාතික වීර නාමාවලියක් තිබුණද ලංකාවේ සැබෑ ​ධෛර්ය සම්පන්න ගැහැණුන් සහ මිනිසුන් සැබෑ වීරයන් බිහිවූ දිනය ලෙස ලෙස ඉතිහාසය ගත වන්නේ 1971 අප්‍රේල් 05 වැනිදාය. එම තරුණ නැගිටීම  නායකත්වය දෙන ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය එදා සිටම සිංහල-සමාජවාදයක් වැනි විකෘතියකින් අනූන වූද එය නැවත වටයකින් සාකච්ඡා කිරීමේ දැඩි අවශ්‍යතාවයක් පවතිද්දී පවා එම ​​​​​ධෛර්යවන්ක මිනිසුන් සහ ගැහැණුන්  තමන්ගේ ජීවිත අවසාන විය හැකි යැයි දැනිමින් ඒ වෙනුවෙන්  දේශපාලයක් විශ්වාස කරමින් නැගී සිටීම විප්ලවීය ය. 71 ලාංකීය දේශපාලයේ පළමු විප්ලවීය නිමේෂය විය.

එම තරුණ නැගිටීමේ ඉල්ලීම් සුලු ධනේෂ්වර ඉල්ලීම් වූවද එහ වූ විප්ලවීය ජීව ගුණය එතැනින් පසු එළබෙන සියලු නිමේෂයක් වෙතම විප්ලවීය හුස්මක් පිඹීම තුළ එම අරගලය අතැර ලංකීය දේශපාලන කියවීම කුහක කමකි.

මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ සහ එයින් වෙන්වූ කණ්ඩායම් සියල්ලටම එය රොමෑන්තික අදහස් පමණක් වූවද එම අරගලය නැවත කියවීමේ අවශ්‍යතාව අන්කවරදාටත් වඩා අද දීනයේදී වටින්නේය.

අද දිනයේදී අපට මුහුණ දීමට ඇති ප්‍රධාන ගැටලුවම සමාජය දේශපාලනයක් තියා ආගමක්වත් විශ්වාස නොකිරීමයි. 71 නැගිටීම යනු ලංකා සමාජයේ සමූහ විශ්වාසනීය මොහොතකි. එය ධනපති සිරිමා ආණ්ඩුව විසින්  දහස් ගණනක් තරුණයන් මරාදමා එම නැගිටීම තලා පෙලා දැමූවද එය තවත් අනාගත පරම්පාරවන් ගණනාවකට විප්ලවීය ජවයක් ලබාදුන්නේය.

කැරුල්ල ජනතා විමුක්ති පෙරමුණට හෝ රෝහණ විජේවීර වැනි පුද්ගල සාධකයන් වෙත යෙමුකරනවා වෙනුවට අද දවසේ අවශ්‍යතාවය වන්නේ එම තරුණ නැගිටීම සම්බන්ධයෙන් පුලුල් වූ සාකඡ්චාවක් ආරම්භ කිරීමයි.

රොමැන්තික 71 විරු සමරුවකට වඩා 71 සහ එදවස තරුණ නැගිටීමක් දක්වා ගොජදැමුණු  දේශපාලන සන්ධර්භය නැවත කියවීම අතිශය දේශපාලනකි වනවා පමණක් නොම අද දවසේ අප සැවෙම් ඉදිරියේම ඇති අභියෝග ජයගැනීමට අභ්‍යසයක් වනවා නිසැකය.

සියලු දේශපාලන අවකාශයන් ජරාජීර්ණ වී ජාතිවාදී මඩගොහොරුවේ නාසය දක්වාම එරී ඇති මොහොතක එවැනි සමූහ තුළ ගොඩනැගෙන සාමූහක විශ්වාසයන් මතින් විමුක්තිකාමී නිමේෂය ගොඩ නොනැගෙන්නේනම්  අප සියලලෝටම නියමිතව ඇත්තේ සියල්ලන්ටම ජනතා විමුක්ති පෙරමුණ විසින්ම ගොඩනැගූ සහ උත්කර්ෂයට නැගංවූ  ජාතිවාදී මඩගොහොරුවේ ගිලී මිය යැමටය. එහෙයින්ම 71 සම්බන්ධව රොමෑන්තික සැමරුමකට වඩා එය දේශපාලනිකව නැවත කියවීම විප්ලවීය ය.

* පින්තූරය -71 තරුණ නැගීටීමේදී අත්අඩංගුයට පත්වූ සහෝදරයෙකු විසින් සිරගෙව තුලදී අදින ලද්දකි

පින්තූය ගත්තේ  විකල්ල වෙතින්

Advertisements

One comment

  1. දැන් කවුද ඔය කියවීම කොරන්නේ?
    පෙරටුගාමීන්ද?


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s