පෙනරළ සහ ජසප

ජනරළ පත්තර මහත්තුරුන්ගේ සදාචාරය !

” ගම්ලතුන්ගේ අවමගුලට අප විසින් සකස් කරන ලද මේ පත්‍රිකාව 2013.04.06 ජනරළෙහි පලකොට තිබුණේ ඊට බුද්ධිමය ශ්‍රමය කැප කළ අපගේ නම් සහ එහි තිබූ ‍ට්‍රොට්ස්කිගේ උධෘත පවා සාහසික ලෙස ඉවත් කොට විකෘත කරමිනි. ”  – විජය නන්ද පෙරේරා

මීට පෙරද ජනරළ පුවත් පතේ පළවූ රෙජී මෙන්ඩිස් සහෝදරයා සැමරීම සම්බන්ධ දැන්වීම් පත්‍රිකාවක් ඔවුන්ගේ මෙන් පළකිරීම සම්බන්ධව  Loopholes හි පලවී තිබුණි. දේශපාලන පක්ෂයක් විසින් පළකරන ලබන පුවත් පතක් වන ජනරළ පුවත් පතේ ඉහතින් වන දෙවන බුද්ධිමය කොල්ලයෙන් නැවත වරක් ඔවුන් ඔප්පු කර පෙන්වන්නේ ඔවුන්ගේ දේශපාලන භාවිතාවය.

​අමතක වන්නේ නම් දැමීමට පමණක්ද ?

පුබුදු ජාගොඩට සහ පෙරටුගාමී පක්ෂයේ පළමු මහා සමුලුවට සහභාගී වූ එම පක්ෂයේ සියලු සාමාජිකයන්ට අමතන වී තිබෙන ජාතික ගැටලුව ගැන පක්ෂයේ අදහස් ඉදිරිපත් කිරීම නැවත මෙසේ එම දේශපාලන  බබාලාට මතක් කර දෙමි.

1 – 2011 වර්ෂයේ නොවැම්බර් 19 වැනිදා  කොළඹ මූලික කරගනිම් කලාකටයුතු වල යෙදෙන තරුණ කණ්ඩායමක් එන්. එම් පෙරේරා මධ්‍යස්ථානයට කැදවීය. එහිදී පුබුදු ජාගොඩ තම නව ලිබර්වාදී ආර්ථික දර්ශණ ඉදිරිපත් කිරීමට යෑමේදී එම තරුණ පිරිස් කීවේ ජනතා විමුක්ති පෙරමුණෙන් ජාතික ගැටලුව මුල්කර ගනිමින් ඉවත් වූ යැයි කියන එවකදී ජන අරගල ව්‍යාපාරය ජාතික ගැටලුව සම්බන්ධයෙන් දරන ස්ථාවරත්වය කුමක්ද යන්නයි. පුබුදු ජාගොඩ විසින් එහිදී ලබා දුන් උත්තරය වන්නේ ඉතා ඉක්මනින් මතය ප්‍රකාශ කරන බවත්, මේ සාකච්ඡාවක් නැවත ගමු කියාය.

නැවත එම සාතච්ඡාව ගන්නවා තබා නැවත එම තරුණ පිරිස හමුදී නැත.

2 – පලමු මහා සම්මේලනයේ ගනු ලැබූ තීන්දුවක් වූයේ මාස 6ක් ඇතුලත පෙසප ජාතික ගැටලුව ගැන මතය ප්‍රකාශ කරනා බවයි.  මාස හය සම්පූර්ණ වූයේ පසුගිය වසරේ ඔක්තෝම්බර් 9 වැනිදාය.  අද අප්‍රේල් 6 වැනිදාය. ඒවාද අමතක වී ඇත. (එහිදී එම මාස 6 න් යන යෝජනාවට එක් සහෝදරයෙකු විරුද්ධ වූ අතර එම ඔහුගේ මතය වූයේ එම අවස්ථවේ ප්‍රකාශ කළ යුතු බවයි. එම නිසා ජාතික ගැටලුව සම්බන්ධව පක්ෂයේ මතය කීමට සදාචාරාත්මක වගකීමක්ද පෙසපට ඇත.)

( අපගේ මිත්‍රයෙක්නම් කියන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය දැනටම සිය මතය ප්‍රකාශ කර ඇති බවයි. වරුණ දීප්ත රාජපක්ෂ විසින් ප්‍රංශයේදී සිදුකළ කථාවද මේ දිනවල කුමාර් ගුණරත්ම්ගේ සම අයිතිය වන්දනාාව පුරාද සිය පක්ෂය දෙමළ ජනයාට බලය බෙදීමකට හෝ ස්ව්‍යංතීරණ අයිතියට එකග නොමැති බවයි )

ලෙනින් සහෝදරයා සිය පෙරදිග ලෝකයේ විමුක්ති ව්‍යාපාර නම් කෘතිය මගින් නම් කීවේ ජාතියක ස්ව්‍යංතීරණය නොපිළිගෙන සමඅයිතිය ඉල්ලීම වැඩක් නොමැති බවයි. එසේම එම කෘතියේම ස්වාධිපත්‍ය ගැන සදහන් වූයේ ජාතික කෙතරම් කුඩාවුවත්,සංවර්ධනයෙන් නොදියුණු වුවත්,එය යටපත් කරගෙන සිටන ශක්තිමත් ජාතියෙන් ඉවත් වීමේ අයිතිය සැම අයිතිය දියයුතු බවයි

​මෙතැනට අප කාලයකට පෙර ලියූ ගීයක්ද අමුණා තබමු.

පෙරටුගාමී සමාජාවාදී පක්ෂයටත් ‘ දුමින්ද සිනිඩ්‍රෝම්’ ද ?
———————————————————–

ජාතික ප්‍රශ්නෙට පිළිතුරු අපි දෙනවද බං
මාස හයෙන් දෙනවා කියලා අපි කිව්වාලු කියනවාලු මුං
දෙමලුන්හට මොනව වුනත් අපිට මොකද බං
අනේ අප්පෝ කවුද කිවුවේ හය මාසෙන් දෙනවා කියලා බං

කුමාර් අයියා දෙමළ වුනට අපිට මොකද බං
එයත් ඉන්නේ ඔය අගේට දෙමළ නොවේ වගේ බං
ලසිත් මල්ලි ඔය ඉන්නේ යස අගේට බං
දෙමළ වීම ප්‍රශ්ණයක්ද  මං අහන්නේ බං

ජේවීපෙන් අයින් වුනේ අපි විතරද බං
අයිං වෙච්ච අය ඉන්නේ යස අගේට දැං
සිංහල අය තරහවුනොත් හරිම වැඩේ බං
දෙමළ වීම ප්‍රශ්ණයක් බව කිව්වා මතක නෑනේ බං

එන් එම් සෙන්ටර් එකටත් කැදෙව්වානේ බං
සතියෙන් කියනව කියලා මං කිව්වලු කියනවානේ මුං
එහෙම කවුද කිව්වා එකා කොයි එකාද දැං
අනේ අප්පා මතක නෑ ඒ කිසිවක් දැන්

ස්ව්‍යං තීරණේ මොකද්ද ඒ මොකද්ද බං
අපිනම් දන්නෑ ඕවා කිව්වෙත් නෑ බං
කවුද කිව්වේ පිළිගන්නවා කියලා කියලා බං
අනේ දෙයියෝ කිසිම දෙයක් මතක නෑ නේ බං

Loopholes ලිපිය මෙතැනින් කියවන්න

ඡායා රූපය ගත්තේ ජනරළ මුහුණු පොතෙන්

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s